"ආදරය සුන්දර වරදකි - කිසිදා සමාවක් නම් නැති"
ඉහතින් සඳහන් වන්නේ ලාංකීය ගීත ඉතිහාසය තුළ සුප්‍රසිද්ධ ගීයක වූ මුල්ම පද පේළියයි. එය ඔබ අසා ඇතුවාට සැක නැත. සැබැවින්ම ආදරය සුන්දර හෝ අසුන්දර හෝ වරදක් ද? මා ඔබෙන් ප්‍රශ්න කරමි. ඔබ සිතන්නේ කුමක්ද ?මේ මා සිතන අන්දමයි.
ආදරය සුන්දර වරදක් නම්....
මේ ලෝකයේ බොහෝ දෙනෙක් අද චූදිතයන්
හිරිමල් යෞවනයේ සිට ජීවිතයේ අවසන් භාගය
ගෙවන බොහෝ පිරිස් දක්වා
ගෙවන බොහෝ පිරිස් දක්වා
එසේ නම් අද
නාඹර වියේ කුළුඳුල් ප්‍රේමවන්තයන් සැක පිට අත් අඩංගුවේ
අලුත විවහපත් වූවන් රක්ෂිත බන්ධනාගාරයේ
තත්ත්වය එලෙස නම්
පෝරකයට යා යුත්තේ කවුද ?
ඒ මේ ලෝකයේ සියලුම මව්වරු සහ පියවරු
හේතුව
මව් පදවි පිය පදවි ඔවුනට හිමි වෙන්නේ දරුවන් නිසා
දරුවන් යනු ආදරයේ අසමසම ප්‍රතිඵලය නිසා
ඒ දරුවන් ද ආදරය විඳින්නන් වුණොත්
ඔවුන් ද චූදිතයන්
කාලයෙන් කාලයට කොටසින් කොටස
මේ ලොව සියලු දෙනාම පෝරකයට
ඒ ආදරය සුන්දර වරදක් නම්......
මා කළ මේ ප්‍රකාශය තුළ පවතින්නේ මාගේ හිතුවක්කාර සිත මඟින් ගීතයේ මුල් පබැඳුම ඇතුළත් ප්‍රකාශය පිළිබඳව දක්වන තර්කානුකූල බවක් පමණි. එය ගී පද රචකයාට හෝ ගායකයාට අවනම්බු කිරීම උදෙසා පැවසූ දෙයක් නොවේ. පද රචකයා විසින් මේ වචන එක් තැන් කොට සුභාවිත වූ ගීතයක් මෙලෙස නිර්මාණය කරන්නට ඇත්තේ ඔහුගේ අත්දැකීමක් හෝ ඇස් දැකීමක් පාදක කර ගනිමින් විය හැකිය. කලාත්මක නිර්මාණයක් තුළ සිතිවිලි , අදහස් සේම භාෂාව ද නිර්මාණයට අනුකූලව රසයක් ජනනය වන පරිදි යොදා ගත හැකිය. එයට කිසිඳු තහනමක් ඇත්තේ නොවේ.
"ආදරය සුන්දර වරදකි " නම් ගීතය තනු නිර්මාණය අතින් සේම පද රචනය අතින් ද මා පෞද්ගලිකව ඉතා රුචිකත්වයක් දක්වන ගීතයකි. නමුදු ගීතයේ මුල් පද දෙක අතර මාගේ හිතුවක්කාර සිත නැවතුණේ ඇයි ද යන්න මට ද තේරුම් ගත නොහැකිය. මෙය කලාවට පහර ගැසීමක් නොව හුදෙක්ම මා තුළ පවතින අදහසක් ප්‍රකාශ කිරීම පමණකි.
( ෂාරා )
කේ.ඒ.සචිනි ඉෂාරා
2018.07.25
Aththatama ehemda?
ReplyDeleteAththatama ehemda?
ReplyDelete