මීට සියවස් කිහිපයකට පමණ පෙර ලාංකීය සමාජයේ මෙන්ම බොහෝ ආසියාතික සමාජයන් තුළ ගැහැනු දරුවාගේ උපත පිළි ගත්තේ නැත.ස්ත්‍රී ආත්මය පව්කාර යැයි පිළිගත් නිසාම ජාතක කළ පියාම තම දියණියගේ උප්පත්තිය පිළි නොගත්තේ තමා ද දරුවාගේ උප්පත්තිය කෙරෙහි ඍජු බලපෑමක් කළ බව අමතක කරමිනි.අද මෙන් එදා සමාජය තුළ ද තම බිරිඳගේ කුසේ පවතින ජීවය ගැහැනු ද පිරිමි ද යන වග සොයා බැලීමේ තාක්ෂණයක් පැවතියේ නම් ගැහැනු දරුවා මෙලොව එළිය දකින්නටත් පෙරම ඇගේ පියා ම ඇගේ මිනීමරුවා වන්නට ඉඩ තිබිණි.ඇතැම් විට එය දරුවාගේ මවගේ මළ ගම ද විය හැකිය.
ස්කෑන් තාක්ෂණය එකල නොතිබූ නිසා තම දරුවා ගැහැනු ද පිරිමි ද යන වග නිශ්චිතවම දැන ගන්නට ලැබෙන්නේ තිඹිරිගෙය හෙවත් උප්පත්ති කාමරය අසලදීය.තීරණය බලාපොරොත්තුවෙන් තිඹිරිගෙය අසල රැඳී සිටින අප්පච්චීට කිරි කැටියෙකුගේ ඇඬුම් හඬක් සවනත වැකෙත්ම ඔහුට සිතෙන්නේ මේ මාගේ පරපුරේ පින්වන්ත උරුමක්කාරයා බව නම්...,අසීමිත අභිමානයකින් සිතත් ගතත් දෙකම උද්දාමයට පත්වේ.නමුත් තිඹිරිගෙයින් එන පණිවිඩය ඍණාත්මක වුවහොත් පණිවිඩය බලාපොරොත්තුවෙන් සිටි දෙගිඩියාව ක්ෂණිකවම මහා කෝපයකට පරිවර්තනය වේ.වින්නඹු අම්මාගේ අවසරයක් නොලැබම තිඹිරිගෙය වෙත යන ඔහු බිරිඳගේත් දියණියගේත් මරණය එකම කඩු පහරකින් තීන්දු කරයි.පව්කාර යැයි සම්මත ස්ත්‍රියගේ ජීවිතය තිඹිරිගෙය තුළදීම විනාශ වූයේ එලෙසිනි.තමා උපන්නේ ද ස්ත්‍රියක් නිසා බව ඔහුට අමතක වුණි ද?නැතිනම් සිතා මතා අමතක කර ඇතිද?
ස්ත්‍රිය පව්කාර නම් පව්කාරියක් විවාහ කර ගත්තේ ඇයිද යන්න පුරුෂයාගෙන් විමසිය යුතු කරුණකි.දරුවා නිසා මවට වුණු අසාධාරණයට ස්වාමි පුරුෂයා වශයෙන් ඔහු වගකියන්නේද?පරපුර ඉදිරියට ගෙන යාමට උරුමක්කාරයෙක් අපේක්ෂාවෙන් ඔහු තවත් ස්ත්‍රියක් විවාහ කර ගනියි.ස්ත්‍රියක් වශයෙන් ඇය ද පව්කාරියකි.ඇය ද පුතෙක් වදන්නට අසමත් වුවහොත් පව්කාර ඇගේ දෛවයද දෙවියන් සතුය.
පුතෙක් හෝ දුවෙක් වැදීම ගැහැනියගේ පව හෝ පින මත සිදුවන්නක් නොවන බව තේරුම් ගැනීමට එදා සමාජයේ පුරුෂ මොළයන්ට හැකි වූයේ නැත.තම කුසෙහි හොත් දරුවා ගැහැනු ද පිරිමි ද යන වග මත අනවරත පීඩනයකින් පෙළෙන මවගේ හද ගැස්ම දරුවාට දැනෙන්නේ මහා භූමිකම්පාවක් සේය.පුරුෂාධිපත්‍ය මඟින් ඇයට එල්ල කරන පීඩනය නිසාම දරුවා වෙනුවෙන් මානසික තත්ත්වය යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට ඇයට හැකි ද?
මානුෂීය පියෙකුගේ දුවෙක් වූ නිසා පළමු හුස්ම පොද ජීවිතයේ අවසන් හුස්ම පොද නොවීමේ වාසනා ගුණයද කරපින්නාගෙන මෙලොව එළිය දකින්නට අයිතිය හිමි වූයේ එහෙමත් වූ ස්ත්‍රි පරාණයකටය.එවැනි මානුෂීය පියවරුන් එකල සමාජය තුළ නොසිටියාම නොවේ .දියණිවරුන්ට සැබෑවටම ස්නේහවන්ත පියවරුන්ගේ හිඟයක් පමණක් එකල පැවතුණි.
අතීත සමාජය තුළ මේ තරමටම ස්ත්‍රීත්වය පව්කාරකමක් ලෙස සැලකුවේ ඇයිද යන්න සොයා බැලීම අතිශය වැදගත් ය.සාමාන්‍යයෙන් ස්ත්‍රියට වඩා පුරුෂයා උතුම් බව සැලකේ.පුරුෂ ආත්මයක් ලැබීම මහා පින්වන්තකමක් බව බුදුදහම ඇතුළු සෙසු ආගම්වලද සඳහන් වේ.බුදුදහම පිළිබඳ විමසීමේදී පුරුෂ ආත්මයන් උතුම් කොට සැලකීමට හේතුව වන්නේ බුද්ධත්වය ලැබීම ස්ත්‍රියට කළ නොහැකි නිසාය.බුදුබව ප්‍රාර්ථනා කිරීම පමණක් ඇයට සිදු කළ හැකිය.ඒ කරුණ මිස වෙනත් කිසිඳු කරුණක් ස්ත්රීත්වයේ පව්කාරකමට බුදුදහම තුළදී සාක්ෂි නොදරයි.බුදුරජාණන් වහන්සේ කිසිම මොහොතක ස්ත්‍රී වර්ගයා පව්කාර යැයි ප්‍රකාශ කර නැත.උන්වහන්සේ වදාළේ ස්ත්රියටද මාර්ගඵල ලැබිය හැකි බවයි.
අතීත සමාජයට අනුව ස්ත්‍රීත්වය පව්කාර නම් ඒ පව්කාර ස්ත්‍රිය නිසා ගොඩනැගුණු මුළු මහත් ලෝකයම පව්කාර නොවන්නේද?යුවතිය ගැහැනියක් බවට පත්වන්නේත්,ගැහැනිය මවක් බවට පත් වන්නේත් උතුම් ලෙස සම්මත පුරුෂ පාර්ශවය නිසාය.ස්ත්‍රියගේ ජීවිතයේ ඒ භූමිකා හුවමාරුව මත ගොඩනැගෙන මුළු ලෝකයම පව්කාර වුණි නම් මවකගේ කුසින් බිහිවන පුරුෂ පරාණයන් ද පව්කාර විය යුතුය.
පව්කාර වූ ස්ත්‍රිය නිසා ගොඩනැගුනු පින්වන්ත වූ පුරුෂ සමාජය පින්වන්ත ආකාරයෙන්ම ක්‍රියා කළේද යන ගැටලුව පවතී.ඔවුන්ගේ පින්වන්තකම රඳා පවතින්නේ ස්ත්‍රියට දක්වන ගෞරවය මතය.පව්කාරියන් ලෙස ඔවුන් ඇඟිල්ල දිගු කරන්නේ යශෝධරා,මහාමායා පරපුරෙන් පැවත එන සමස්ත ස්ත්‍රි වර්ගයාටමය.පව්කාර ස්ත්‍රියකගෙන් උපන් පින්වන්ත පුතෙකු ස්ත්රින් පව්කාර බව තම මව ඉදිරියේදීම ප්‍රකාශ කරන්නේ කෙසේද?ඔවුන් දැනුවත්ම හෝ නොදැනුවත් එය ප්‍රකාශ කරන්නට ඇත.ප්රශ්නය උද්ගත වී ඇත්තේ එතැන් සිටය.
මේ කරුණ සම්බන්ධයෙන් පුරුෂ පාර්ශවයට පමණක් දොස් කීම ඵලක් නොවේ.එකල සමාජයේ ජීවත් වූ මනුෂ්‍ය නමැති සත්ත්ව කොට්ඨාසයේ චින්තනයේ වූ වරදක් හේතු කොටගෙන ස්ත්‍රිය පව්කාර වන්නට ඇත.
අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජය ස්ත්‍රීත්වය පව්කාර බව නොසිතයි.නූතන සමාජය විසින්ම ස්ත්‍රියට ඇයගේ නිසි තැන ලබා දී තිබේ.පුරුෂ පාර්ශවය හා සමගාමීව ස්ත්‍රි පාර්ශවය ද ආර්ථික , දේශපාලනික හා සමාජයීය අංශයෙන් ඉදිරියටම ගොස් අවසන් ය.නමුදු බොහෝ අවස්ථාවල පුරුෂාධිපත්‍ය මඟින් එල්ල වන්නා වූ පීඩනය ස්ත්‍රියගේ ජීවිතය කෙරෙහි බල පැවැත්වේ.උතුම් යැයි සම්මත පුරුෂ ආත්මයක් ලැබීම හේතු කොටගෙන ස්ත්‍රින්ට අනවශ්‍ය ආකාරයේ බලපෑම් කිරීමට කිසිඳු පුරුෂයෙකුට ඉඩ ලබා නොදිය යුතුය.
ස්ත්‍රිත්වය පව්කාර ද යන වග සොයා බැලීමට වඩා පොදුවේ සියලු දෙනාම මනුෂ්‍ය වර්ගයට අයත් වීම පිළිබඳව සතුටු විය යුත්තේමය.පින්වන්ත වූ ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා මේ දෙදෙනාගේම දායකත්වය නොමඳව ලබා දිය යුත්තේ පව්කාර පින්කාර බව නොතකමිනි.
( ෂාරා )
කේ.ඒ.සචිනි ඉෂාරා 2018.07.26
woow niyamiiiii
ReplyDeletewooow
ReplyDeletethanks sanduuuu.....
ReplyDeletelassnai....
ReplyDeleteNiyamai
ReplyDeleteSupiri
ReplyDeleteAntimata shape karala tiyana hindai itin....
ReplyDeleteSupiri
ReplyDeleteFtt
ReplyDeleteMehemai....loke sthriii parana tiyanawa...hama sthriiyama pawkara na.habai pawkara sthriin one taram innawad....
ReplyDeletewoow niyamai
ReplyDeleteSupiri keep up
ReplyDelete